Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 4:15 - Sinhala New Revised Version 2018

15 ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:15
12 හුවමාරු යොමු  

මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.


එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.


ඔබ කෙරෙන් අප වෙත ආ ජුදෙව්වන් ජෙරුසලමට පැමිණ ඒ කැරලිකාර නපුරු නගරය ගොඩනඟන බව ඔබ තුමාට දැන්විය යුතු ය. පවුරුවල වැඩ නිම කරන්නට ළඟ ය. ඔව්හු අත්තිවාරම අලුත්වැඩියා කරගෙන යති.


ඉතින් අපි ඔබ තුමාට ණයගැති ව සිටිය දී ඔබට අලාභ හානි පැමිණෙනු බලා සිටීම අපට නුසුදුසු බැවින්,


මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.”


එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, “ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.


එහි මෙසේ ලියා තිබුණේ ය: “ඔබත්, ජුදෙව්වරුනුත් කැරලිගසන්නට සිතන බව මේ ජාතීන් අතරෙහි සැළ වී තිබේ. ගෂ්මු තෙමේ ද එය අනුමත කරයි. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ නිසා බවත්, මෙයාකාරයෙන් ඔබ ඔවුන්ගේ රජ වන්නට සිතන බවත් ඒ වාර්තාවෙන් පෙනේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්