ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.
යෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස් පස් දෙනෙක්ය.
ඔහුගේ කාලයේ දී බෙතෙල්හි හීයෙල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනඟන ලදී. සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ලෙස, ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුඳුලා වන අබිරාම් ද ඔහු එහි දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත් සෙගුබ් ද නැසුණෝ ය.
එවිට නම් සඳහන් කොට පත් කරන ලද මනුෂ්‍යයෝ නැඟිට, අසුවුණ අය කැඳවාගෙන, ඔවුන් අතරේ වස්ත්‍ර නැති සියල්ලන්ට කොල්ලයෙන් ගත් දෙයින් වස්ත්‍ර දී, ඔවුන්ට හඳවා, ඔවුන්ට වහන් ද කෑම බීම ද දී, තෙල් ගා, බෙලහීන ව සිටි සියල්ලන් කොටළුවන් පිට නංවා, ඉඳිගස් නුවර වූ ජෙරිකෝවේ ඔවුන්ගේ සහෝදරයන් වෙත ගෙනවුත්, පසු ව සමාරියට හැරී ගියෝ ය.
ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය.
සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හයසිය තිස්දෙනෙක් ය.
එලියාෂිබ්ට පසු ව ජෙරිකෝවේ මනුෂ්‍යයෝ පවුර ගොඩනැඟුවෝ ය. ඔවුන්ට පසු ව ඉම්රිගේ පුත් ශක්කුර් ඒවා ගොඩනැඟුවේ ය.