පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.
එසකියෙල් 7:7 - Sinhala New Revised Version 2018 එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය. Sinhala New Revised Version එම්බා රට වැසියෙනි, නුඹලාගේ දඬුවම් වාරය පැමිණියේ ය. කාලය පැමිණ තිබේ. දවස ආසන්න ය; එය වනාහි ප්‍රීති ඝෝෂා ඇති දවසක් නොව, කඳු මත කැළඹීමේ ඝෝෂා දවසක් ය. Sinhala Revised Old Version එම්බා දේශයේ වැසිය, නුඹේ දඬුවම් වාරය පැමිණියේය. කාලය පැමිණ තිබේ, දවස කිට්ටුය; එය වනාහි ප්‍රීතිඝෝෂා දවසක් නොව කඳුවල කැලඹීමේ ඝෝෂා දවසක්ය. |
පහන් වූ කල දූතයෝ ලොත් ඉක්මන් කරවමින්, “ඔබේ භාර්යාව ද මෙහි සිටින ඔබේ දූවරුන් දෙදෙනා ද රැගෙන හනික පිටතට යන්න. එසේ නොකළොත් මේ නුවර වනසාලීමේ දී ඔබත් මැරී යත හැකි ය”යි කී හ.
එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත. බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”
සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.
සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත. අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.
මේ වනාහි සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීන් විසින් අප පිට පමුණුවන ලද දර්ශන මිටියාවතෙහි කැළඹීම් ද පරාජය ද වියවුල් ද ඇති වන කාලයක් ය. නගරයේ පවුරු බිඳදමා ඇත. පිහිට පතා මොරගැසීම් දෝංකාරය කඳු අතරින් ඇසේ.
අහෝ සමිඳුනි! ඔබ තුමාණෝ මා මුළා කළ සේක. මම ද මුළා වීමි. ඔබ තුමාණෝ මට වඩා බලවන්ත ය. ඔබ තුමාණෝ මා පරාජයට පත් කළ සේක. දවස පුරා සියල්ලෝ මට කවටකම් කරති. ඔව්හු මට උසුළු-විසුළු කරති.
ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”
එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.
“කාලය පැමිණ තිබේ. දවස ළඟා වී තිබේ; මිලයට ගන්නා ප්‍රීති නො වේ වා; විකුණන්නා නොවැලපේවා. මන්ද, උදහස එහි මුළු සමූහයා පිට පැමිණ තිබේ.
අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.
විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනඟ ය. එය අපෙන් පටන්ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද?