ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 42:13 - Sinhala New Revised Version 2018

එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 42:13
27 හුවමාරු යොමු  

ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි.


“පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.


ප්‍රවේශ ශාලාවේ කණු ළඟ කාමරයක් ද එහි දොරකඩක් ද තිබුණේ ය. එය තිබුණේ එහි දවන පූජාව සෝදන පිණිස ය.


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන, කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට යන්ටත් ය. ඔව්හු වනාහි සමිඳාණන් වහන්සේට සේවය කරන්න උන් වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන් වූ ශාදොක්ගේ පුත්‍රයෝ ය”යි මට කී ය.


බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය.


තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.


නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලට ම වෙන් වූ මළුවටත්, ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට කාමර තිබිණි.


“ඔබ පාප පූජාවට ගත් සතා ශුද්ධස්ථානයේ දී නොවැළඳුවේ මන් ද? සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, ජනතාවගේ පාපවලට කමාව දෙන පිණිස උන් වහන්සේ එය ඔබට දුන් සේක, එය අතිශුද්ධ ය.


එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.


පසුව ඔහු පාප පූජාවට සහ දවන යාග පූජාවට ගන්න සතුන් මරන ශුද්ධස්ථානයේ දී බැටළු වස්සා මැරිය යුතු ය. පාප පූජාවේ සතා පූජකවරයාට හිමි සේ ම වන්දි ගෙවීමේ පූජාවේ සතා ද ඔහුට හිමි වේ. එය අතිශුද්ධ ය.


ධාන්‍ය පූජාවෙන් ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති ය. එය සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පිදූ පූජාවලින් අතිශුද්ධ කොටස වේ.


ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන පූප වැළඳිය හැක.


මේ පූප ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට අයිති වනු ඇත. ඔවුන් ඒවා ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. මේවා පූජකවරුන් සඳහා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජාවේ අතිශුද්ධ කොටස් වේ. මෙසේ කිරීම සදහට ම වලංගු නියෝගයකි.”


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය.


“වන්දි ගෙවීමේ පූජාව පිළිබඳ නීතිය මේ ය: එය අතිශුද්ධ දෙයකි.


පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.


එසේ කෙළේ ආරොන්ගේ වංශයට අයිති නැති අන් කෙනෙකු සමිඳාණන් වහන්සේ ඉදිරියට සුවඳ දුම් පිදීම සඳහා ළඟා නොවිය යුතු බව සිහිගැන්වීමේ සිද්ධිය ඉශ්රායෙල් ජනයාට අනුස්මරණයක් වීම සඳහා ය. යමෙකු එසේ කළොත්, කෝරාට සහ ඔහුගේ පිරිසට වූ දේ ඔහුටත් වනු ඇත. මේ සියල්ල සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් එලෙයාසර්ට වදාළ පරිදි ඉටු විය.


ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.


පූජාසනයට හා අතිශුද්ධස්ථානයට සම්බන්ධ පූජක නිල සේවාවන් නුඹත්, නුඹේ පුත්‍රයනුත් ඉටු කළ යුතු ය. මෙය නුඹලාගේ වගකීම ය. නුඹට මා පූජක නිලය පැවරුයේ තිළිණයක් වශයෙනි. ශුද්ධ බඩු භාණ්ඩ ළඟට අන් කෙනෙකු සමීප වුවහොත් ඔහු මරා දමනු ලැබේ.”


එවිට ලෙවීගේ පුත්‍රයන් වන පූජකවරුන් එහි ආ යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේට සේවය කිරීමටත්, උන් වහන්සේගේ නාමයෙන් ආසිරි දීමටත් උන් වහන්සේ තෝරාගත්තෝ ඔව්හු ය. සෑම වාද විවාද සහ අඬදබර ඔවුන්ගේ තීන්දුවෙන් තේරුම් බේරුම් කරගත යුතු වේ.