Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:31 - Sinhala New Revised Version 2018

31 “පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 “පූජකවරය දීම සඳහා පුද කළ බැටළුවා ගෙන, පවිත්‍ර ස්ථානයක උගේ මාංසය පිසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 නුඹ කැපකිරීමේ බැටළුවා රැගෙන ශුද්ධවූ තැනක උගේ මාංසය පිසින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:31
8 හුවමාරු යොමු  

එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති පූප සමඟ වළඳන්න.


ඒ හැර, තෙල දැවී යන්නටත් පෙර පූජකයාගේ වැඩකාරයා අවුත්, පූජා ඔප්පු කරන මිනිසාට කතා කොට, “පූජක තුමාට පුළුස්සන්නට මස් දෙන්න; මන්ද, එතුමා අමු මස් මිස පිසූ මස් ඔබෙන් නොපිළිගන්නේ ය”යි කී ය.


ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේ ය: යම් කෙනෙකු පූජාවක් ඔප්පු කරන කල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස් කොක්කක් රැගෙන අවුත්,


ආරොන්ගේ පුත්‍රයන් අතරින්, ඔහුගේ පූජක පදවියට පත් වන තැනැත්තා ශුද්ධස්ථානයේ සේවා කිරීම සඳහා සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට සත් දවසක් මේ වස්ත්‍ර පැළඳිය යුතු ය.”


සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද බැටළුවාගේ මස් සහ පැසේ ඇති පූප වැළඳිය යුතු ය.


පූජකයන් කැප කිරීමේ දී පුදන අනික් බැටළුවා ගෙනා කල, උගේ හිස මත ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තම අත් තැබූ හ.


එවිට ඔහු මට කතා කොට, “වෙන් වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමර ද දකුණු කාමර ද ශුද්ධ කාමර වේ. එහි සමිඳාණන් වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අතිශුද්ධ දේ අනුභව කරන්නෝ ය. එහි ඔව්හු අතිශුද්ධ දේවල් වූ ආහාර පූජාව ද පාප පූජාව ද අපරාධ පූජාව ද තබන්නෝ ය. මන්ද, ඒ ස්ථානය ශුද්ධ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්