එසකියෙල් 39:16 - Sinhala New Revised Version 2018 තවද, නුවරෙහි නමත් ‘සමූහයක්’ යන අරුත ඇති ‘හාමොනා’ වන්නේ ය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනු ඇත. Sinhala New Revised Version තවද, නුවරෙහි නමත් ‘සමූහයක්’ යන අරුත ඇති ‘හාමොනා’ වන්නේ ය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනු ඇත. Sinhala Revised Old Version තවද නුවරක නමත් හාමොනා වන්නේය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනවා ඇත. |
දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.
“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ සියලු ආකාර පක්ෂීන්ට ද වනයේ සියලු මෘගයන්ට ද කතා කොට, තෙපි රැස් වී වරෙන්න, මා ඉශ්රායෙල් කඳු පිට තොප උදෙසා සූදානම් කරන මහා පූජාවක් වන මාගේ පූජාව වටා හාත්පසින් එකතු වී, මස් කා ලේ බොන්න.
එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.