එසකියෙල් 38:5 - Sinhala New Revised Version 2018 ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ. Sinhala New Revised Version ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ. Sinhala Revised Old Version ඔවුන් සමඟ පාර්සිවරුද කූෂ්වරුද පූට්වරුද සිටිති; ඔවුන් සියල්ලන්ට පලිස්ද යුද්ධ තොප්පිද තිබේ. |
ඔහු කඩුපහරින් නොමළ අය බබිලෝනියට ගෙන ගියේ ය. පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත් ඔව්හු දාසයන් ව සිටියෝ ය.
පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය.
පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.
යුද්ධයක් මිසරයට පැමිණෙන්නේ ය. මිසරයෙහි මිනිසුන් ම මැරුම් කා වැටෙන විට ද එහි සමූහයා අල්ලාගන්න විට ද එහි අත්තිවාරම් පෙරළාදමන විට ද එතියෝපියාවේ භීතියක් හටගන්නේ ය.”
“එතියෝපිවරු ද පූට්වරු ද ලූද්වරු ද සියලු අරාබිවරු ද කුබ්වරු ද ගිවිසුමට බැඳුණු දේශයේ වාසීහු ද ඔවුන් සමඟ කඩු පහරින් වැටෙන්නෝ ය.”
එතියෝපියාව හා මිසරය ඇගේ බලය විය. ඇගේ බලය අසීමිත ය. පූට් සහ ලිබියන්වරු ඇගේ සහකාරයෝ වූ හ.