Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 27:10 - Sinhala New Revised Version 2018

10 පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද නුඹේ සේනාවෙහි සිටියෝය; ඔව්හු නුඹේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දක්වාලූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:10
15 හුවමාරු යොමු  

මිශ්‍රයිම් වනාහි ලුදිම්වරුන්ගේ ද අනාම්වරුන්ගේ ද ලෙහාබිම්වරුන්ගේ ද නප්තුහිම්වරුන්ගේ ද


ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලූද් සහ අරාම් ය.


හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.


මිශ්‍රයිම්ට දාව ලුදිම්වරු ද අනාමිම්වරු ද ලෙහාබිම්වරු ද නප්තුහිම්වරු ද


ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂූර්, අර්පක්ෂද්, ලූද්, අරාම්, ඌශ්, හුල්, ගෙතෙර් සහ මෙෂෙක් ය.


හාම්ගේ පුත්‍රයෝ නම්: කුෂ්, මිශ්‍රයිම්, පූට් සහ කානාන් ය.


ඔබේ ගෙල බලවතුන්ගේ පලිස් දහසක් එල්ලා තිබෙන ආයුධ තැබීමට ගොඩනැඟුවා වූ දාවිත් රජුගේ කොත මෙන් ය.


මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.


අශ්වයෙනි, නැඟිටින්න; රථයෙනි, වේගයෙන් දුවන්න; හේවායෙනි, ඉදිරියට යන්න. පලිහ හුරු පුරුදු එතියෝපියවරුනි, පුට්වරුනි, දුනු තැත් කවන ලුද්වරුනි, ඉදිරියට එන්න.”


ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය.


අර්වද්හි පුත්‍රයෝ ද නුඹේ සේනාව ද නුඹේ පවුරු පිට වටේට සිටියෝ ය. ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝ ය. ඔව්හු තමන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝ ය; ඔව්හු නුඹේ ශෝභාව පරිපූර්ණ කළෝ ය.


“එතියෝපිවරු ද පූට්වරු ද ලූද්වරු ද සියලු අරාබිවරු ද කුබ්වරු ද ගිවිසුමට බැඳුණු දේශයේ වාසීහු ද ඔවුන් සමඟ කඩු පහරින් වැටෙන්නෝ ය.”


ඔවුන් සමඟ පාර්සිවරු ද එතියෝපිවරු ද පූට්වරු ද සිටිති. ඔවුන් සියල්ලන්ට පලිස් ද යුද්ධ තොප්පි ද තිබේ.


එතියෝපියාව හා මිසරය ඇගේ බලය විය. ඇගේ බලය අසීමිත ය. පූට් සහ ලිබියන්වරු ඇගේ සහකාරයෝ වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්