එසකියෙල් 37:23 - Sinhala New Revised Version 2018 ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. Sinhala New Revised Version ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. Sinhala Revised Old Version ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. |
සිය ශුද්ධස්ථානයෙහි වසන දෙවිඳාණෝ බියජනක ය; එතුමාණෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ ය. එතුමාණෝ සෙනඟට බලය ද ශක්තිය ද දෙන සේක. දෙවිඳුන්ට පැසසුම් වේ වා!
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය.
එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපනත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඔවුන් මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂා කොට පවත්වන පිණිස, ඔවුන්ගේ ගල් සිත පහකොට මුදු මොළොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
මෙසේ වන්නේ, ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළා ව නොගොස්, තමන්ගේ සියලු අපරාධවලින් තවත් නොකෙලෙසී ඔවුන් මාගේ සෙනඟ වන පිණිසත්, මා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිසත් ය. මෙසේ පවසන්නේ දෙවියන් වහන්සේ ය.”
එහි දී නුඹලාගේ සියලු කල්ක්‍රියාවන් ද නුඹලා ම අපවිත්‍ර කරගත් නුඹලාගේ සියලු ක්‍රියා ද නුඹලා සිහි කොට, නුඹලා කළ නුඹලාගේ සියලු ම නපුරු ක්‍රියා නිසා නුඹලාට ම නුඹලා පිළිකුලක් වනු ඇත.
නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.
මම ඔවුන් සමඟ වැඩවසන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.
ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත.
“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.
එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද? නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මම ය. නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”
සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
එහෙත්, ඉතිරි තුන් වන කොටස මම ගින්නෙහි දමන්නෙමි; රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි; රන් උරගා බලන්නාක් මෙන් ඔවුන් උරගා බලන්නෙමි. ඔවුන් මාගේ නාමයෙන් මට යාච්ඤා කරන විට මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘ඔව්හු මාගේ සෙනඟ ය’යි මම ඔවුන්ට කියන්නෙමි; ‘සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය’යි ඔව්හු මට කියන්නෝ ය.”
ජෙරුසලමේ හා ජුදාවේ ඇති, පිසීමට ගන්න සියලු භාජන සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නමස්කාරය සඳහා වෙන් කරනු ලබන්නේ ය. පූජා ඔප්පු කරන සෙනඟ පැමිණ, පූජාවට ගන්න මාංස තම්බන පිණිස ඒ භාජන පාවිච්චි කරනු ඇත. ඒ කාලය පැමිණි විට එක ම වෙළෙන්දෙකු වත් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නොසිටිනු ඇත.
සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.
එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.
එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.
ජයග්‍රාහකයාගේ උරුමය එය යි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ ය.