ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.
එසකියෙල් 36:35 - Sinhala New Revised Version 2018 මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය. Sinhala New Revised Version මිනිසුන් ද කතා කොට, ‘පාළු වී තිබුණ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්ති ව, පාළු ව, ජරාවාස ව තිබුණු නගර බලකොටු වී වැසියන්ගෙන් ගහණ ව තිබේ ය’යි කියන්නෝ ය. Sinhala Revised Old Version මිනිස්සුද කථාකොට: පාළුවී තිබුණු මේ දේශය ඒදන් උයන මෙන් වී තිබේ; නාස්තිව පාළුව ජරාවාසව තිබුණාවූ නුවරවල් බලකොටුවී වැසියන් ඇතුව තිබේයයි කියන්නෝය. |
ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය.
එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.
එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”
මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය.
සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.
නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
ඒ වෙනුවට ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් ද ගෙනා සමිඳාණන් වහන්සේගේ නමින් අපි දිවුරමු’යි කියන කාලය පැමිණෙන්නේ ය. ඔව්හු තමන්ගේ ම දේශයේ වාසය කරන්නෝ ය.”
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මිනිහෙකු වත්, මෘගයෙකු වත් නැති ව පාළු වී ගිය මේ ස්ථානයෙහි ද මෙහි සියලු නගරවල ද තමන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේ ය.
මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”
නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහි ය; සියලු මැණික් ගල් වන ලෝහිතංක ද පුෂ්පරාග ද දියමන්ති ද රන්කාන්ති ද නඛමාණික්‍ය ද සූර්යකාන්ති ද නීලමාණික්‍ය ද රතුකැට ද මරකත ද ඔබ්බන ලද රනින් සෑදූ පළඳනාවෙන් සැරසී සිටියෙහි ය. නුඹ මවනු ලැබූ දවසේ දී ඒවා නුඹට සූදානම් කරන ලද්දේ ය.
“එහි අතු රාශියෙන් මම එය අලංකාර කෙළෙමි. එබැවින් දෙවියන් වහන්සේගේ උයනෙහි, ඒදන්හි සියලු ම ගස්, ඊට ඊර්ෂ්‍යා කෙළේ ය.
එම්බා මාගේ සෙනඟෙනි! මා නුඹලාගේ සොහොන් විවර කොට, නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟිටෙව් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
උන්ට පෙරටුව වනසාලන ගින්න නාස්ති කරයි; උන්ට පස්සෙන් බුර බුරා නඟින ගිනි ජාලාවක් ඇවිලෙයි. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබේ. උන්ට පස්සෙන් එය පාළුකරයක් වන්නේ ය. උන්ගෙන් බේරෙන කිසිවෙක් නැත.