“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?
එසකියෙල් 33:17 - Sinhala New Revised Version 2018 “ ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය. Sinhala New Revised Version “ ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය. Sinhala Revised Old Version එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹේ සෙනඟගේ පුත්‍රයෝ කියති. නුමුත් සාධාරණ නැත්තේ ඔවුන්ගේ මාර්ගයය. |
“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?
‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද?
“එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා සාධාරණ නැතැ යි ඉශ්රායෙල් වංශය කියති. අහෝ ඉශ්රායෙල් වංශය! මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
ඔහුගේ කිසි ම පාපයක් ඔහුට විරුද්ධ ව සිහිකරනු නොලබන්නේ ය. ඔහු යුක්ති සහගත හරි දේ කෙළේ ය; ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ රටවැසි සෙනඟට කතා කොට මෙසේ කියන්න: මා යම් දේශයකට යුද්ධය පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමන් අතරෙන් මනුෂ්‍යයෙකු තෝරාගෙන තමන්ට මුර සෙබළා කොට පත් කරනු ඇත.
එහෙත්, ‘සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්‍රියා ලෙස විනිශ්චය කරන්නෙමි.”