Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 33:17 - Sinhala Revised Old Version

17 එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹේ සෙනඟගේ පුත්‍රයෝ කියති. නුමුත් සාධාරණ නැත්තේ ඔවුන්ගේ මාර්ගයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “ ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “ ‘එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹේ රටවැසි සෙනඟ කියති. එහෙත්, අසාධාරණ වන්නේ ඔවුන්ගේ ක්‍රියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 33:17
10 හුවමාරු යොමු  

එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි ඉශ්‍රායෙල් වංශය කියති. එම්බා ඉශ්‍රායෙල් වංශය, මාගේ මාර්ග සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ග නොවේද?


එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, අසන්න. මාගේ මාර්ගය සාධාරණ නොවේද? සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ගවල් නොවේද?


එහෙත්: ස්වාමීන්වහන්සේගේ මාර්ගය සාධාරණ නැතැයි නුඹලා කියන්නහුය. එම්බා ඉශ්‍රායෙල් වංශය, මම නුඹලා එකිනෙකා තම තමාගේ මාර්ග ලෙස විනිශ්චයකරන්නෙමියි කීය.


නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?


මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී එක හරිය කියා නුඹ සිතනවාද?


මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් යම් දේශයකට කඩුව පමුණුවන විට ඒ දේශයේ සෙනඟ තමුන් අතරෙන් මනුෂ්‍යයෙකු ගෙන තමුන්ට මුරකාරයා කොට තැබුවොත්,


ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.


ධර්මිෂ්ඨයා තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී අයුතුකම්කළොත්, ඔහු ඒ නිසා නසින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්