පාළු වී තිබෙන රටවලට වඩා මම මිසර දේශය පාළු කරන්නෙමි. එහි නගර නටබුන් ගොඩක් මෙන් තිබෙන නගරවලට වඩා සතළිස් අවුරුද්දක් එය පාළු දේශයක් ව තිබෙනු ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට පලවා හැර දේශවල ඔවුන් විසුරුවන්නෙමි.
එසකියෙල් 30:26 - Sinhala New Revised Version 2018 මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.’ ” Sinhala New Revised Version මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.’ “ Sinhala Revised Old Version මම මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය. |
පාළු වී තිබෙන රටවලට වඩා මම මිසර දේශය පාළු කරන්නෙමි. එහි නගර නටබුන් ගොඩක් මෙන් තිබෙන නගරවලට වඩා සතළිස් අවුරුද්දක් එය පාළු දේශයක් ව තිබෙනු ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට පලවා හැර දේශවල ඔවුන් විසුරුවන්නෙමි.
මම බබිලෝනියේ රජුගේ බාහු ශක්තිමත් කරන්නෙමි. එහෙත්, පාරාවෝගේ බාහු දුර්වල කරන්නෙමි. මෙසේ මා බබිලෝනියේ රජුගේ අතට මාගේ කඩුව දී, ඔහු එය මිසර දේශයට විරුද්ධ ව දිගු කරන කල්හි, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
තවද, එකොළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.