එසකියෙල් 3:4 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න. Sinhala New Revised Version උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න. Sinhala Revised Old Version උන්වහන්සේ කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඉශ්‍රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කථාකරන්න. |
උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධ ව කැරලි ගැසූ, කැරලිකාර ජාතියක් වන ඉශ්රායෙල්වරුන් වෙත මම නුඹ යවමි. ඔව්හු ද ඔවුන්ගේ පියවරු ද අද දවස දක්වා ම මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ.
ඒ සෙනඟ මුරණ්ඩු දැඩි සිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹ ද, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.
ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
“ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය.
විප්‍රවාසගත ව සිටින නුඹේ සෙනඟ වෙත ගොස්, ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් ඔවුන්ට කතා කොට, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි.
උන් වහන්සේ කතා කරමින්, “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.
එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු ය”යි වදාළ සේක.