එසකියෙල් 3:3 - Sinhala New Revised Version 2018 තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි. Sinhala New Revised Version තවද, උන් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත අනුභව කර නුඹේ කුස පුරවා ගන්නැ”යි මට වදාළ සේක. මම එය අනුභව කෙළෙමි; එය මාගේ කටට මී පැණි මෙන් මිහිරි ව තිබිණි. Sinhala Revised Old Version තවද: මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත නුඹ කා, නුඹේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය, |
ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි.
‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.
උන් වහන්සේ එය මා ඉදිරියෙහි දිග හැරිය සේක. එහි ඇතුළත හා පිටත ලියා තිබුණි. එහි ලියා තිබුණේ විලාප, වැලපීම් හා ලතෝනි ය.
“එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”
උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස් මා කියන දේ ඔවුන්ට කියන්න.
ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.
ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.