විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.
එසකියෙල් 3:25 - Sinhala New Revised Version 2018 මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත. Sinhala New Revised Version මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත. Sinhala Revised Old Version තවද මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹ පිට බැඳුම් දමා, නුඹ ඔවුන් අතරට නේන පිණිස ඒවායින් නුඹ බඳිනවා ඇත. |
විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.
බලන්න, වටලෑමේ දවස් අවසාන වන තුරු නුඹ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ කඹවලින් බැඳ තබමි.
උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි.
“ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ”යි වදාළ සේක.
එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි.