මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.
එසකියෙල් 29:11 - Sinhala New Revised Version 2018 මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය. Sinhala New Revised Version මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය. Sinhala Revised Old Version මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය. |
මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.
රජ කෙනෙකුගේ ආයු කාලය වන අවුරුදු හැත්තෑවක් තුළ තීර් අමතක කරනු ලැබේ. ඒ කාලය අවසන් වූ විට තීර් මෙසේ ගයන වෙසඟනක මෙන් වන්නී ය:
අවුරුදු හැත්තෑව ගත වූ පසු සමිඳාණන් වහන්සේ තීර් වැසියන්ට සිය පරණ වෙළෙඳාමට යන්න ඉඩ හරින සේක. ඈ ලෝකයේ රට රාජ්‍යයන් සමඟ ගනුදෙනු කරනු ඇත.
එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙක්හි නොනිවී තිබෙන්නේ ය. එයින් නඟින දුම සදහට ම පවතින්නේ ය. පරපුරෙන් පරපුරට එය පාළු වන්නේ ය. කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝ ය.
“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.
අහෝ මිසර දේශ වැසියෙනි, වහල්කමට යාමට බඩු භාණ්ඩ සූදානම් කරගන්න. මන්ද, මෙම්පිස් නගරය ජනහීන, පාළු, නටබුන් ගොඩක් වන්නේ ය.
ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”
ජාතීන්ගෙන් ඉතා භයානක විදේශිකයෝ එය කපාදමා යන්නෝ ය. එහි අතු කඳු පිටත්, සියලු මිටියාවත්වලත් වැටෙන්නේ ය. එහි අතු කැඩී දේශයේ සියලු දිය පාරවල තිබෙන්නේ ය. පොළොවේ සියලු ජනයෝ ද එහි සෙවණෙන් ඉවත් වී එය අත්හැර යන්නෝ ය.
මම එහි සියලු මෘගයන් ජලය පිරී ඇති තැන්වලින් විනාශ කරන්නෙමි. මිනිසුන්ගේ පාදවලට ඒවා තවත් බොරවන්නේ නැත. මෘගයන්ගේ කුරවලටත් ඒවා බොරවන්නේ නැත.
මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය.
මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.