Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:11 - Sinhala Revised Old Version

11 මනුෂ්‍ය පාදය එහි ගමන් නොකරන්නේය, මෘග පාදයද එහි නොයන්නේය, එය සතළිස් අවුරුද්දක් වැසියන් නැතුව තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:11
15 හුවමාරු යොමු  

මම එහි සියලු මෘගයන් මහත් ජලවල් ළඟින් නැතිකරන්නෙමි; මනුෂ්‍යයන්ගේ පාදයට ඒවා තවත් නොකැලඹෙන්නේය, මෘගයන්ගේ කුරවලටත් ඒවා නොකැලඹෙන්නේය.


එනම් ඔහුගේ රජකම්කිරීමේ පළමුවෙනි අවුරුද්දේදී, යෙරුසලම පාළුව තිබීමේ සම්පූර්ණත්වයයයි ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු අවුරුදු ගණන සැත්තෑ අවුරුද්දක් බව දානියෙල් වන මම පොත්වලින් තේරුම්ගත්තෙමි.


මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


මම දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි, ඇගේ බලයේ උඩඟුකමද පහවන්නේය; ඉශ්‍රායෙල් කඳුවල කිසිවෙකු නොයන ලෙස ඒවා පාළුවන්නේය.


ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.


තවද අවුරුදු සැත්තෑවකට පසුව ස්වාමීන්වහන්සේ තීර් දෙස බලනසේක, ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමඟ ගනුදෙනුකරනවා ඇත.


තවද ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය. අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය.


මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.


ඒක රෑ දාවල් නොනිවී තිබෙයි; ඒකේ දුම සෑමකල්ම නගින්නේය. පරම්පරාවෙන් පරම්පරාවට එය පාළුව තිබෙයි; සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය.


කඳු ගැන ඇඬීමක්ද ළතෝනියක්ද කාන්තාරයේ තෘණ බිම් ගැන විලාපයක්ද පවත්වන්නෙමි, මක්නිසාද කිසිවෙක් එහි නොයන හැටියට ඒවා දාලාගියේය; සිව්පාවුන්ගේ හඬ නෑසෙන්නේය; ආකාශයේ පක්ෂීහුද මෘගයෝද පලාගොස් අහක්වුණෝය.


අහෝ මිසරයෙහි වාසයකරන දුව, වාල්කමට යන්ට බඩු සාදාගන්න. මක්නිසාද නොප් වැසියෙක් නැතුව පාළුවක් වී දවාදමනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්