ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 27:9 - Sinhala New Revised Version 2018

ගෙබල්හි ප්‍රජා මූලිකයෝ ද එහි ශිල්පීහු ද නුඹ තුළ නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නෝ වූ හ. නුඹ සමඟ වෙළෙඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව් ද ඒවා යාත්‍රා කරන්නෝ ද නුඹ තුළ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගෙබල්හි ප්‍රජා මූලිකයෝ ද එහි ශිල්පීහු ද නුඹ තුළ නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නෝ වූ හ. නුඹ සමඟ වෙළෙඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව් ද ඒවා යාත්‍රා කරන්නෝ ද නුඹ තුළ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගෙබල්හි වැඩිමහල්ලෝද එහි ප්‍රඥාවන්තයෝද නුඹ තුළ නුඹේ කැඩුම් හරිගස්සන්නෝව සිටියෝය. නුඹේ වෙළඳාමේ යෙදී සිටීමට මුහුදේ සියලු නැව්ද ඒවා යාත්‍රාකරන්නෝද නුඹ තුළ සිටියෝය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 27:9
7 හුවමාරු යොමු  

සලමොන්ගේ වඩුවෝ‍ ද හීරාම්ගේ වඩුවෝ‍ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ‍ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.


එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි; ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.


මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.


අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.


ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්‍රදේශයත් ය.


කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිල දී නොගන්නා බැවින්, දේශාන්තර වෙළෙන්දෝ ඈ ගැන හඬා ශෝක වෙති.


මන්ද, සියලු ජාතීහු ඇගේ තදබල කාමරාගය නමැති මද්‍යසාරය පානය කළහ. මිහි පිට රජවරු ඈ සමඟ කාමමිථ්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකකමින් ධනවත් වූ හ”යි කී ය.