පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්,
එසකියෙල් 27:21 - Sinhala New Revised Version 2018 අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය. Sinhala New Revised Version අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය. Sinhala Revised Old Version අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹ යටතේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ බැටළුපැටවුන්ද බැටළුවන්ද එළුවන්ද වෙළඳාම්කළෝය. |
පෙළපත් අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙසේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත් ය; ඉන්පසු කේදාර්, අද්බෙයෙල්, මිබිසාම්,
මෙය ලැබුණේ, බඩු හුවමාරු කරගන්නන්ගෙන් ද වෙළෙඳුන්ගේ වෙළෙඳාමෙන් ද අරාබියේ සියලු රජවරුන්ගෙන් ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ද ලැබුණු රන්වලට අමතරව ය.
ඔවුන්ගේ පරම්පරා මේ ය: ඉෂ්මායෙල්ගේ කුලුඳුලා වූ නෙබායොත්, ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්;
පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් ජෙහෝෂාපාට්ට තෑගි ද රිදී ද කප්පම් පිණිස ගෙනාවෝ ය. අරාබිවරු ද බැටළුවන් හත්දහස් හත්සියයක් හා එළුවන් හත්දහස් හත්සියයක් ද යන සිවුපාවුන් ගෙනාවෝ ය.
ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය; සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.
අරාබිය ගැන දේව ප්‍රකාශනය මෙසේ ය: තවලම් කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පාළු ප්‍රදේශයේ නුඹලා කඳවුරු බැඳගෙන සිටින්නහු ය.
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “හරියට තව අවුරුද්දකින් කේදාර්හි ගෝත්‍රවල බලය නැතිවී යන්නේ ය.
කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!
කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.
බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.
බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් පහර දෙන ලද කේදාර් ගැනත්, හාශෝර්හි රාජ්‍යයන් ගැනත් සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹලා නැඟිට කේදාර්ට විරුද්ධ ව ඉදිරියට ගමන් කරන්න; පෙරදිග වසන ජනයා විනාශ කරදමන්න.
ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ.
සීනයි කන්ද අරාබියෙහි ඇත. එය දැන් තිබෙන ජෙරුසලමට අදාළ වේ. මන්ද, ඈ තමාගේ දරුවන් සමඟ දාස කමෙහි සිටින්නී ය.