ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 24:11 - Sinhala New Revised Version 2018

ඉන්පසු හිස් ලෝකඩ හැළිය රත් වී ගිනියම් වී, එහි අපවිත්‍රකම ඒ තුළ උණු වී, එහි මලකඩ නැති වී යන පිණිස ඒක ගිනි අඟුරු මත තබන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉන්පසු හිස් ලෝකඩ හැළිය රත් වී ගිනියම් වී, එහි අපවිත්‍රකම ඒ තුළ උණු වී, එහි මලකඩ නැති වී යන පිණිස ඒක ගිනි අඟුරු මත තබන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඒකේ පිත්තල රත්වී ගිනියම්වී, ඒකේ අපවිත්‍රකම ඒක ඇතුළෙහි උණුවී, ඒකේ මලකඩ නැතිවී යන පිණිස, ඒක ගිනිඅඟුරු පිට හිස්ව තබන්න.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 24:11
21 හුවමාරු යොමු  

මම නුඹලාට විරුද්ධ ව ක්‍රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි;


විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.


සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක.


මේ නගරයේ ශුභසිද්ධිය පිණිස නොව, විපත්තිය පිණිස මාගේ මුහුණ ඒ දෙසට යොමා ඇත. එය බබිලෝනියේ රජු අතට පාවා දෙනු ලබන්නේ ය. ඔහු එය ගින්නෙන් දවාදමන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.


නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ”


එහෙත්, නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර නුවූවොත්, මේ නුවර බබිලෝනිවරුන් අතට පාවා දෙනු ලබන්නේ ය. ඔවුන් එය ගිනිබත් කරනු ඇත. නුඹ ද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැ”යි කී ය.


බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.


තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.


බොහෝ දර දමා, ගිනි දල්වා, මස් තම්බා, වතුර හිස් කර රසකාරක මිශ්‍ර කර කටු පුළුස්සාදමන්න.


නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.