ජුදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස සමිඳාණන් වහන්සේගේ ආඥාවෙන් මෙය ඔවුන් පිට පැමිණියේ ය. මෙය සිදු වූයේ, මනස්සේගේ පාප වන ඔහු කළ සියල්ල නිසාත්,
එසකියෙල් 22:3 - Sinhala New Revised Version 2018 ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ ලේ වගුරුවන, නුඹ ම අපවිත්‍ර වන පිණිස දේව රූපවලට නමදින, නුවරක් නිසා නුඹට අවසාන දවස පැමිණෙන්නේ ය. Sinhala New Revised Version ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ ලේ වගුරුවන, නුඹ ම අපවිත්‍ර වන පිණිස දේව රූපවලට නමදින, නුවරක් නිසා නුඹට අවසාන දවස පැමිණෙන්නේ ය. Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ වනාහි එහි කාලය පැමිණෙන පිණිස එහි මැද ලේ වගුරුවන්නාවූද එය අපවිත්‍රවන පිණිස තමාටම විරුද්ධව දේවරූප සාදාගන්නාවූද නුවරක්ය! |
ජුදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස සමිඳාණන් වහන්සේගේ ආඥාවෙන් මෙය ඔවුන් පිට පැමිණියේ ය. මෙය සිදු වූයේ, මනස්සේගේ පාප වන ඔහු කළ සියල්ල නිසාත්,
ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.
මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.
අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.
කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
“මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්න සූදානම් ද? ලෙයින් පිරි නගරය විනිශ්චය කරන්න, නුඹ සූදානම් ද? එසේ නම් ඇගේ සෑම පිළිකුල් ක්‍රියා ඈට දන්වමින් මෙසේ කියන්න:
ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.
නුඹ වැගිරෙවූ ලේවලින් නුඹ වරදකාරියක වී, නුඹ නමස්කාර කළ නුඹේ රූපවලින් නුඹ අපවිත්‍ර වී සිටින බැවින්, ඒ අවසාන දවස ළං කරගෙන ඇත. එබැවින්, මම නුඹ ජාතීන්ට නින්දාවක් ද සියලු ම දේශවලට සරදමක් ද කෙළෙමි.
නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.
ඔවුන් කාමමිථ්‍යාචාරය කර ඇත; මිනී මරා ඇත; ඔවුන් තමන්ගේ පිළිම සමඟ කාමමිථ්‍යාචාරය කර ඇත; ඔවුන් මා උදෙසා ලැබූ පුත්‍රයන් වුව ද ආහාර පිණිස ඒ පිළිමවලට පූජා කර ඇත.
එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත්, ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චය කරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චය කරන්නෝ ය. කුමක්නිසා ද, ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රීහු ය; ඔවුන්ගේ අත්වල ලේ තැවරී ඇත.
ඔහොලා අසිරියාවේ උත්තමයන් වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම් කළා ය. ඈ ආලය කළ සියල්ලන්ගේ සියලු දේව රූපවලින් ද ඈ අපවිත්‍ර වූවා ය.
“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?
එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.
ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.
එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.