Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 12:25 - Sinhala New Revised Version 2018

25 කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 කුමක් නිසා ද, මම සමිඳාණන් වහන්සේ ය; මා කී දේ කීවා ම ය. එය තවත් පමා නොවී ඉෂ්ට වනු ඇත. එසේ ය, ‘එම්බා කැරලිකාර වංශය! මම නුඹලාගේ ජීවිත කාලයේ දී ම මා පැවසූ දේ ඉටු කරන්නෙමි’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම නුඹලාගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 12:25
20 හුවමාරු යොමු  

සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.


එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.”


එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.


සමිඳාණෝ තමන් යෝජනා කළ දේ ඉටු කළ සේක. එතුමාණෝ පුරාණයේ සිට නියම කර තිබුණු තර්ජන ක්‍රියාත්මක කළ සේක. එතුමාණෝ අනුකම්පා විරහිත ව ඔබ විනාශ කළ සේක. සතුරා ඔබට විරුද්ධ ව සන්තෝෂ වන්න සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ බලය වැඩි කළ සේක.


නැවත සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


මා සමිඳාණන් වහන්සේ බවත්, මේ විපත්ති ඔවුන් පිට පමුණුවන්නෙමි යි මා වදාළ වචන නිකරුණේ නොවදාළ බවත් ඔවුන් දැනගනු ඇත.”


වෙළෙන්දා තමා විකුණන දේ දිවි ඇති තාක් නැවත නොලබන්නේ ය. මන්ද, දේව උදහස සකල සමූහයට විරුද්ධ ව තිබේ. නපුර කළ අයට නපුර නිසා ජීවත් ව සිටිය නොහැකි ය.


“නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි.


එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.


ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මාගේ බලයට සීමා තිබේ ද? මා කියන දේ වන්නේ ද නොවන්නේ ද? කියා නුඹ දැන් දකිනු ඇතැ”යි වදාළ සේක.


අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”


ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය.


අහසත්, පොළොවත් පහ ව යන්නේ ය. එහෙත් මාගේ කිසිදු වචනයක් පහ ව නොයන්නේ ම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්