සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.
එසකියෙල් 21:31 - Sinhala New Revised Version 2018 මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි. Sinhala New Revised Version මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි. Sinhala Revised Old Version මාගේ උදහස නුඹ පිටට වගුරුවා, මාගේ කෝපය නැමති ගින්නෙන් නුඹට පිඹ, රෞද්‍රවූ, විනාශ කිරීමට දක්ෂවූ මනුෂ්‍යයන් අතට නුඹ පාවාදෙන්නෙමි. |
සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.
ඔබ නාඳුනන ජාතීන් පිට ඔබේ උදහස වැගිරෙවුව මැනව. ඔබේ නාමය කියා නොඅයදින රාජධානි පිට ද එසේ ම කළ මැනව.
මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.
මම, තම දේශයට හැරී යාමට ආරංචියක් ඇසෙන පිණිස අධිරාජයා පිට ආත්මයක් පමුණුවන්නෙමි. ඔහු තම දේශයේ දී කඩුවෙන් වැටී යාමට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
සමිඳුන්ගේ හුස්ම වැදුණ විට තණ කොළ වියළී යයි; මල් පර වෙයි. මිනිස් වර්ගයා ඒ තණ කොළ හා සමාන ය.
සිංහයෙක් සිය වනයෙන් නික්මුණේ ය. ජාතීන් වනසන්නෙක් නික්ම ගියේ ය. නුඹේ දේශය පාළු කරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත් වී ගමන් කරන්නේ ය; වැසියෙකු ඉතිරි නොවන හැටියට නුඹේ නගර විනාශ වන්නේ ය.
“මා ඒ දේශයට වසංගතය එවා එතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද විනාශ කරදමන පිණිස මාගේ කෝපය ඒ කෙරෙහි වගුරුවා බොහෝ දෙනා විනාශ කරදමන විට,
මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කර, ජාතීන්ට කොල්ලයක් කොට නුඹ පාවා දී, ජනයන් අතරෙන් නුඹ වනසාදමා, දේශවලින් නුඹ නැති කොට විනාශ කරන්නෙමි. මා සමිඳාණන් වහන්සේ බව නුඹ එවිට දැනගන්නෙහි ය.’ ”
එබැවින් මම ඉතා ම කෲරතර ජාතීන් ගෙන්වන්නෙමි. ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුම කරගන්නෝ ය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථාන ද කෙලෙසනු ලබන්නේ ය.
“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.
මෙලෙස ඉශ්රායෙල් සෙනඟ බොහෝ දවස් රජ කෙනෙකු වත්, අධිපතියෙකු වත්, පුද පූජා වත්, රූපස්ථම්භ වත්, පිළිම වත්, ඉටුදෙව් රූප වත්, නැති ව සිටිනු ඇත.
උන් වහන්සේගේ කෝපයට මුහුණ පෑ හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ ඇවිලෙන උදහසේ දී නොනැසී සිටිය හැක්කේ කවරෙකුට ද? උන් වහන්සේගේ කෝපාග්නිය දැල්වෙන විට පර්වත පවා ධූලි මෙන් උන් වහන්සේ ඉදිරියෙහි ඇද හැළෙන්නේ ය.
“නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය.