ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 11:17 - Sinhala New Revised Version 2018

එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් නුඹලා එකතුකර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස්කොට, ඉශ්‍රායෙල් රට නුඹලාට දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 11:17
27 හුවමාරු යොමු  

එතුමාණෝ විදෙස් රටවලින් ද නැගෙනහිරෙන් හා බස්නාහිරෙන් ද උතුරෙන් හා දකුණෙන් ද ඔවුන් එක් රැස් කළ සේක.


ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.


“ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වන මම බබිලෝනියට යවනු ලැබූ යහපත් ජුදෙව්වරුන් මේ හොඳ අත්තික්කා මෙන් වන්නට සලසමි.


මම ඔවුන් මැනවින් රැකබලාගෙන ආපසු මේ දේශයට ගෙනෙන්නෙමි; ඔවුන් හෙළා නොදමා වර්ධනය කරන්නෙමි. ඔවුන් උදුරා නොදමා පිහිටුවන්නෙමි.


මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.


“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.


උතුරු දෙසට ගොස් ඉශ්රායෙල්ට මෙසේ පවසන්නට යයි උන් වහන්සේ මට වදාළ සේක: “ඉවත් ව ගිය ඉශ්රායෙල් ආපසු හැරී එන්න. ස්වාමීන් වන දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මම කරුණාවන්ත බැවින් නුඹ දෙස කෝපයෙන් නොබලන්නෙමි; සදහට ම උදහස තබා නොගන්නෙමි.


ඒ කාලයේ දී ජුදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ එක් වී උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුම කර දෙන ලද දේශයට එක් ව එනු ඇත.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.


නුඹේ හැඬීම නවත්වා, නෙත්වලින් කඳුළු පිසදමන්න. නුඹේ ක්‍රියාවලට විපාකය නුඹට ලැබෙන්නේ ය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනු ඇත. මෙසේ පවසන්නේ සමිඳාණෝ ය.


“මම ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, ප්‍රබල බාහුවෙන් ද දිගු කළ හස්තයෙන් ද උදහස වැගිරීමෙන් ද නුඹලා විසිරී සිටින දේශවලින් නුඹලා රැස් කරන්නෙමි.


මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.”


“නුඹලාගේ පියවරුන්ට දෙන හැටියට මාගේ අත ඔසවා දිවුළ දේශය වන ඉශ්රායෙල් රටට මා නුඹලා පැමිණෙවු කල්හි මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. “මා විජාතීන් අතර විසිරී සිටින ඉශ්රායෙල් සෙනඟ රැස් කර, මා ශුද්ධවන්ත බව ඔවුන් මඟින් ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරු ජාකොබ්ට මා දුන් දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.


මම ජාතීන් අතරෙන් උන් පිටතට පමුණුවා, ඒ විදේශවලින් උන් රැස් කර, උන්ගේ ම රටට උන් ගෙනවුත්, ඉශ්රායෙල් කඳුවල ද දෙණිවල ද දේශයේ සියලු වාසස්ථානවල ද උන් පෝෂණය කරන්නෙමි.


එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර හා බස්නාහිර සිටින මාගේ සෙනඟ මුදාගෙන ජෙරුසලමේ ජීවත් වන පිණිස මම ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.


උන් වහන්සේ ඔබට අනුකම්පාව දක්වා ඔබේ වහල්කම පහකොට, උන් වහන්සේ පැමිණ, විසුරුවනු ලැබූ සියලු ජාතීන් අතරෙන් ඔබ හැම එක්රැස් කරගන්නා සේක.