මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.
එසකියෙල් 11:10 - Sinhala New Revised Version 2018 නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. Sinhala New Revised Version නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. Sinhala Revised Old Version නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි; එසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. |
මෙසේ ඒ කාලයෙහි හමාත් නම් දුර්ගයට ඇතුළු වන තැන පටන් මිසරයේ නයිල් ගඟ දක්වා පළාත්වලින් පැමිණි විශාල පිරිසක් වන, සලමොන් ඇතුළු සියලු ඉශ්රායෙල්වරු අප දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සත් දවසක් මංගල්‍ය පැවැත්වූ හ.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ, ගාත්-හෙපෙර්හි දිවැසිවර අමිත්තයිගේ පුත් ජෝනා ලවා කියෙවූ වචනය ලෙස හමාත් දුර්ගයට ඇතුල් වන තැන පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්රායෙල්වරුන්ගේ දේශ සීමාව ඔහු නැවත ලබාගත්තේ ය.
බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහි දී ඔහුගේ ඇස් ඉදිරිපිට මැරී ය. බබිලෝනියේ රජ ජුදාහි සියලු උත්තමයන් ද මැරවී ය.
පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවා වූ තාප්පය කඩාදමා, මම එහි අත්තිවාරම මතු වන හැටියට එය බිම හෙළන්නෙමි. එය වැටෙනු ඇත. නුඹලා ද ඊට යට වී විනාශ වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”
මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
ගෙබල්වරුන්ගේ දේශයත්, නැගෙනහිරට හෙර්මොන් කන්ද පහළින් තිබෙන බාල්-ගාද් පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා මුළු ලෙබනොන් ප්‍රදේශයත් ය.