ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 1:6 - Sinhala New Revised Version 2018

ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් එකිනෙකාට මුහුණු සතරක්ද එකිනෙකාට පියාපත් සතරක්ද විය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 1:6
10 හුවමාරු යොමු  

කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය.


සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය.


මා ජීවමාන සත්ත්වයන් දෙස බලා සිටිය දී පොළොව මත ඒ සත්ත්වයන් සතරදෙනා ළඟ එකෙකුට එක බැගින් රන් චක්‍ර තිබෙනු මම දිටිමි.


ආකාශයට යටින් ඔවුන්ගේ පියාපත් එකට එක කෙළින් ව විහිදී තිබුණේ ය. සිය සිරුර ආවරණය කරන පියාපත් දෙකක් එක එක සත්ත්වයාට තිබුණේ ය.


ඒ සතරට ම තිබුණේ එකාකාර ස්වරූපයකි. ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක් මෙන් ය.


එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි.