එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය.
එපීස 5:21 - Sinhala New Revised Version 2018 ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න. Sinhala New Revised Version ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න. සිංහල කාලීන පරිවර්තනය ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති ගෞරවයෙන් එකිනෙකාට යටත් වන්න. Sinhala Revised Old Version ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත්වෙන්න. |
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය.
සියලු අධිපතීහු ද බලවන්තයෝ ද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝ ද සලමොන් රජුට පක්ෂපාතී ව සිටින්න පොරොන්දු වූ හ.
එබැවින් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව ප්‍රවේසමින් ක්‍රියා කරන්න. මන්ද, අපේ දෙවි සමිඳාණන් වහන්සේ වංචාවක් වත්, අයුක්තියක් වත්, අල්ලස් ගැනීමක් වත් නොකරන කෙනෙකු වන බැවිනි”යි විනිශ්චයකාරයන්ට කීවේ ය.
එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.
මම තවදුරටත් කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපේ සතුරන් වන අන්‍ය ජාතීන්ගේ අපහාසයට අප ලක් නොවන පිණිස, අපේ දෙවියන් වහන්සේට ගරුබිය ඇති ව හැසිරිය යුතු නොවේ ද?
ඔවුන්ගේ ද ඔවුන් සමඟ සේවයට හවුල් වෙමින් දිරි දරන සියල්ලන්ගේ ද මූලිකත්වයෙන් කෙරෙන සේවයට ඔබ ද බැඳෙන්න.
සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.
එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය.
පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.
මුදල් තණ්හාව නොමැති, සිය පවුල මැනැවින් පාලනය කරන, තම දරුවන් ගෞරව සම්ප්‍රයුක්ත බියෙන් හික්මවා ගන්න, තැනැත්තෙකු විය යුතු යි.
ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.
අතිශ්‍රේෂ්ඨ බලය ඇති රජුට වේවා, අපරාධකරුවන්ට දඬුවම් දීම පිණිසත්, යහපත කරන්නන්ට ප්‍රශංසා කිරීම පිණිසත් රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වේවා,
සියල්ලන්ට ගරු කරන්න; ඇදහිලිවන්ත සමාජයට ප්‍රේම කරන්න; දෙවියන් වහන්සේට ගෞරවාදර භය පිරිනමන්න; රජුට ගෞරව දක්වන්න.
තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.