ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
උත්පත්ති 49:25 - Sinhala New Revised Version 2018 ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද Sinhala New Revised Version ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද Sinhala Revised Old Version පහළ වැතිර තිබෙන ගැඹුරේ ආශීර්වාදවලිනුත් පායෝධරවල සහ ගර්භයේ ආශීර්වාදවලිනුත් නුඹට ආශීර්වාදකරන සර්වපරාක්‍රමයාණන්වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිරකරන ලද්දේය. (ඉශ්‍රායෙල්ගේ පර්වතයවූ එඬේරා මෙතැනින්ය.) |
ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක.
සියලු බලැති දෙවියන් වහන්සේ නුඹට ආශීර්වාද කොට, නුඹ සමෘද්ධ කර, නුඹ ජාතීන් සමූහයක් වන පිණිස, උන් වහන්සේ නුඹ වැඩි වර්ධනය කරන සේක් වා!
ජාකොබ් තවදුරටත් කතා කරමින්, “මා පිය ආබ්‍රහම්ගේ දෙවිඳුනි, මා පිය වූ ඊසාක්ගේ දෙවිඳුනි, ‘ඔබේ දේශයට ද ඔබේ ඥාතීන් වෙත ද ආපසු යන්න, මම ඔබට යස ඉසුරු සලසන්නෙමි’යි මට වදාළ ස්වාමීනි,
තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය.
එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය.
එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.
ජාකොබ් ජෝසෙප් අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ කානාන් දේශයේ ලූස් නම් ස්ථානයේ දී මට දර්ශනය වී මට ආශීර්වාද කළ සේක.
සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි.
එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!
දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:
‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.
මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.