ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 49:24 - Sinhala New Revised Version 2018

ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ දුනු දරුණු ලෙස කැඩිණි, ඔවුන්ගේ බාහු මාංස පේශී ද ඉරී ගියේය. එසේ කරන ලදුයේ, ජාකොබ්ගේ සියලු බලැති දෙවිඳුන්ගේ බෙලෙනි, ඉශ්රායෙල්ගේ පර්වතය වන එඬේරාණන් විසිනි;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද නුඹට පිහිටවන නුඹේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත්

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 49:24
53 හුවමාරු යොමු  

තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය.


ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක.


මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක.


තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය.


මෙලෙස අත් තබා ඔහු ජෝසෙප්ට මෙසේ ආශීර්වාද කෙළේ ය: “මාගේ පියවරුන් වන ආබ්‍රහම් සහ ඊසාක්, යම් දෙවි කෙනෙකුන් අබිමුව විසුවෝ ද, ඒ දෙවියන් වහන්සේ, අද දක්වා මා මුළු ජීවිතය තුළ මා එඬේරාණන් වන ඒ දෙවියන් වහන්සේ,


දුනුවායෝ ඔහු කුපිත කළහ, ඔහුට විද පහර දුන්හ.


එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.


පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.


එලිෂා “ඔබේ අත දුන්න පිට තබන්නැ”යි ඉශ්රායෙල් රජුට කී ය. ඔහු තම අත තැබී ය. එවිට එලිෂා තමාගේ අත් රජුගේ අත් පිට තබා,


අපි අපේ වැඩ අතපසු කර, ඒ හේතුවෙන් ඒ වැඩය කිසි කලක නිම කරනු නොලැබේ ය යන බලාපොරොත්තුවෙන් ඔව්හු සියල්ලෝ ම අප බිය ගන්වන්නට උත්සාහ කළෝ ය. එහෙත්, “දෙවියන් වහන්ස, දැන් මාගේ අත් ශක්තිමත් කළ මැනව.”


එවිට සියලු දෙන නිරතුරු මට පැසසුම් කළහ. මාගේ ශක්තිය ද කිසි දා හීන නො වී ය.’


ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.


සමිඳාණන් වහන්ස, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව.


ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව:


සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”


මාගේ සවි ශක්තිය වන සමිඳාණන් වහන්ස, මම ඔබට ප්‍රේම කරමි;


දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.


සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.


සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.


සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය. එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.


ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක.


එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක.


ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.


සමිඳාණන් වහන්ස, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.


තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.


එබැවින්, ඉශ්රායෙල්වරුන්ගේ සව් බලැති සමිඳාණන් වදාරන මේ දේට සවන් දෙන්න; “මම මාගේ එදිරිකාරයන් අබිබවා මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි;


ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’


වියවුල් ව සිටින අයට තේරුම්පැහැදුම් ඇති වන්නේ ය. මැසිවිලි කියන අය ඉගෙනගන්න සතුටු වන්නෝ ය.”


බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.


නුඹට පීඩා කරන්නන්ට ඔවුන්ගේ ම මාංසය කන්න සලස්වන්නෙමි. මත්පැන් බී මත් වන සේ, ඔව්හු තමන්ගේ ම ලේ බී, මත් වන්නෝ ය. එවිට මා සමිඳාණන් වන බවත්, නුඹලා මුදා නිදහස් කරන තැනැන් වහන්සේ බවත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණන් බලවත් බවත් මුළු මිනිස් වර්ගයා දැනගනු ඇත.”


මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.


ඔවුන්ගේ ශක්තිය සමිඳාණන් වහන්සේ කෙරෙහි ය. ඔව්හු උන් වහන්සේට කීකරු වන්නෝ ය.” මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.


ඇස් සතක් ඇති ගලක් ජෝෂුවා ඉදිරියේ මම තබමි. ඒ පිට මම ලේඛනයක් කොටා මේ දේශයේ පාපය එක දවසකින් පහ කරන්නෙමි.


ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: “ ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය’ යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද?


මේ ශුද්ධ ලියවිලි පදයවත් ඔබ කියවා, නැද් ද? ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම කොණේ මුල් ගල වී ඇත;


ඔව්හු ඒ අසා, “එසේ නොවේ වා”යි කී හ. එහෙත් උන් වහන්සේ ඔවුන් දෙස බලා, “එසේ වී නම්: ‘ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත’ යන දහම් පාඨයේ අර්ථය කුමක් ද?


උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’


අන් කෙනෙකුගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද? ඔහුගේ නැඟීම හෝ වැටීම හෝ පිළිබඳ තීරණය ඔහුගේ ම ස්වාමියා සතු ය. ඔහුගේ නැඟීම ගැන සැකයක් නැත, ඔහු නඟා සිටු වීමට සමිඳාණන් වහන්සේට පුළුවන්කම ඇත.


ඔබ අපෝස්තුළුවරුන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය.


එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.


මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.


ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්‍රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්‍රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා.


එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.


කඳු රටත් ඔබට අයිති වන්නේ ය. එය වනාන්තරයක් වුවත් ඔබ එය කපා එළි කරගන්න. එවිට අන්තිම සීමාව දක්වා ම එය ඔබට වන්නේ ය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත් ව සිටින නුමුත්, ඔබ ඔවුන් පන්නාදමනු ඇතැ”යි කීවේ ය.


ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.