ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.
උත්පත්ති 45:2 - Sinhala New Revised Version 2018 ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි. Sinhala New Revised Version ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි. Sinhala Revised Old Version ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය. |
ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.
තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියෙන්, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.
ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය.
තවද, ඔහු තම සහෝදරයන් සියල්ලන් ම සිඹ වැළඳගෙන හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළහ.
එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය.
“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.
“මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.
තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්,