ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 45:19 - Sinhala New Revised Version 2018

එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දැනුදු නුඹට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න–නුඹලා නුඹලාගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, නුඹලාගේ පියා කැඳවාගෙන එන්න.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 45:19
8 හුවමාරු යොමු  

ඇරත් ඔබේ දේපළ ගැන කරදර නොවන්න, මන්ද, මිසර දේශයේ ඉස්තරම් පෙදෙස ඔබට අයිති වන්නේ ය’ කියා දන්වන්නැ”යි සැළ කෙළේ ය.


ඉශ්රායෙල්ගේ දරුවෝ ද එලෙස කළහ. පාරාවෝගේ අණ පරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහන ද මඟට ආහාර ද සැපයී ය.


ඔව්හු ජෝසෙප් තමන්ට කී සියල්ල ම ජාකොබ්ට දැන්වූ හ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු යළි ප්‍රාණවත් විය.


පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ.


මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක.


රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”


සමිඳාණන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම්, මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින් ද, එක එක මූලිකයාට එක ගොනෙකු බැගින් ද අඹරාව ඇති ගැල් රථ හයක් සහ ගොනුන් දොළොස්දෙනෙක් වෙති. ඔව්හු මේවා මණ්ඩපය ඉදිරියට ගෙනාහ.