Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 45:21 - Sinhala New Revised Version 2018

21 ඉශ්රායෙල්ගේ දරුවෝ ද එලෙස කළහ. පාරාවෝගේ අණ පරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහන ද මඟට ආහාර ද සැපයී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඉශ්රායෙල්ගේ දරුවෝ ද එලෙස කළහ. පාරාවෝගේ අණ පරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහන ද මඟට ආහාර ද සැපයී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:21
12 හුවමාරු යොමු  

එනම්: ‘ඔබේ කුඩා දරුවන් හා භාර්යාවන් ද සඳහා මිසර දේශයේ රථවාහන රැගෙන ගොස් ඔබේ පියා කැඳවාගෙන එන්න.


ඇරත් ඔබේ දේපළ ගැන කරදර නොවන්න, මන්ද, මිසර දේශයේ ඉස්තරම් පෙදෙස ඔබට අයිති වන්නේ ය’ කියා දන්වන්නැ”යි සැළ කෙළේ ය.


ඔව්හු ජෝසෙප් තමන්ට කී සියල්ල ම ජාකොබ්ට දැන්වූ හ. ඔහු ගෙන යාමට ජෝසෙප් එවූ රථවාහන ජාකොබ් දුටු විට ඔහු යළි ප්‍රාණවත් විය.


පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ.


මෙසේ ජොෂියා රජුගේ ආඥාව ලෙස පාස්කුව පවත්වන්නත්, සමිඳාණන් වහන්සේගේ පූජාසන පිට දවන යාග පූජා ඔප්පු කරන්නත් සමිඳාණන් වහන්සේගේ මුළු මෙහෙය එම දවසේ පිළියෙළ කර තිබුණේ ය.


සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති පූප මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය.


තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.


රජුගේ ආඥා රක්ෂා කරන්න; ඔබ දෙවියන් වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්න.


සමිඳාණෝ දැහැමි ය; එතුමන්ගේ අණසකට එරෙහි ව කැරලි ගැසුවේ මම ය. අනේ! සියලු ජාතිනි, සවන් දී මාගේ දුක බලන්න. මාගේ කන්‍යාවන් ද මාගේ තරුණයන් ද වහල්කමට ගෙන ගොස් ඇත.


ඔවුන් නුඹට විරුද්ධ ව උතුරු දේශයෙන් ආයුධ සහ රථ ද ගැල් ද ජන සමූහයක් ද ඇති ව අවුත්, පලිහ සහ කුඩා පලිහ ද යුද හිස් වැසුම් ද ඇති ව නුඹට විරුද්ධ ව හාත්පසින් සිටිනු ඇත. ඔවුන්ගේ නීති අනුව නුඹ විනිශ්චය කරන පිණිස මම ඔවුන්ට නුඹ භාර දෙන්නෙමි.


මෝසෙස් ද උන් වහන්සේ අණ කළ පරිදි එය ඉටු කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්