උත්පත්ති 45:14 - Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය. Sinhala New Revised Version ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය. Sinhala Revised Old Version තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය. |
එවිට ඒසව් ඔහු හමුවීමට දිව ගොස් ඔහු බදාගෙන, ඔහුගේ ගෙල වැළඳගෙන ඔහු සිඹගත්තේ ය. පසුව ඔව්හු අඬන්නට වූ හ.
ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.
තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියෙන්, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.
තවද, ඔහු තම සහෝදරයන් සියල්ලන් ම සිඹ වැළඳගෙන හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළහ.
එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය.
පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය.