Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:14 - Sinhala Revised Old Version

14 තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:14
9 හුවමාරු යොමු  

අඥානයෝව, ගිවිසුම් කඩකරන්නෝව ජම්ම ස්නේහය නැත්තෝව, දයා නැත්තෝව සිටියෝය.


යෝසෙප් තමාගේ රථය සූදානම්කොට තමාගේ පියවූ ඉශ්‍රායෙල් සම්මුඛවෙන පිණිස ගෝෂෙන්ට ගියේය; ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය.


එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.


යාකොබ් රාඛෙල් සිඹ ශබ්දනගා හැඬුවේය.


නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.


ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.


යෝසෙප්ගේ සිත තමාගේ සහෝදරයා කෙරෙහි උණුවුණු බැවින් ඔහු ඉක්මන්වී හඬන්ට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය.


ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය.


ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්