එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය.
උත්පත්ති 43:20 - Sinhala New Revised Version 2018 “මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු. Sinhala New Revised Version “මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු. Sinhala Revised Old Version අනේ ස්වාමීනි, පළමු වර අපි ආහාර මිලේට ගන්නා පිණිස ආවෙමු. |
එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය.
රාත්‍රියේ නැවතුම් පොළේ දී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටළුවාට කෑම දෙන පිණිස තම ගෝණිය හැරිය විට, තමාගේ මුදල් ගෝණි කටේ තිබෙනු දිටී ය.
ඔව්හු තමන්ගේ ගෝණි හිස් කළ විට, එකිනෙකාගේ මුදල් පොදිය ඒ ඒ අයගේ ගෝණියේ තිබෙනු දුට හ. ඔව්හු ද, ඔවුන්ගේ පියා ද මුදල් පොදි දුටු විට බිය වූ හ.
අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝණි ඇරිය විට සෑම මිනිසෙකුගේ ම මුදල්, හරි කිරුම් බරට ගෝණි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපි ද එය නැවත ගෙනාවෙමු.
එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.
ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.
එක ස්ත්‍රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්‍රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.