Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 43:7 - Sinhala New Revised Version 2018

7 ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔව්හුද: නුඹලාගේ පියා තවම ජීවත්ව සිටින්නේද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නේදැයි කියමින් ඒ මනුෂ්‍යයා අප ගැනත් අපේ නෑයන් ගැනත් විශේෂලෙස අපෙන් විචාළේය; ඒ වචන ප්‍රකාරයට අපි ඔහුට දැන්නුවෙමු. නුඹලාගේ සහෝදරයා මෙහි ගෙනෙන්නැයි ඔහු කියන බව අපට යම් හැටියකින් දැනගන්ට පුළුවන්වීදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:7
6 හුවමාරු යොමු  

අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.


ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එක ම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ දොළොස්දෙනෙකි. ඇත්තට ම බාල ම තැනැත්තා අද අපේ පියා සමඟ ය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතැ”යි කී හ.


ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය.


එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.


එවිට ඉශ්රායෙල් කතා කොට, “නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය.


‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්