එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය.
උත්පත්ති 43:19 - Sinhala New Revised Version 2018 පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, Sinhala New Revised Version පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, Sinhala Revised Old Version ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්: |
එහෙත්, ආබ්‍රම් උත්තර දෙමින්, “මහෝත්තම දෙවි ස්වාමීනි, දරුවෙකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක් ද? මාගේ උරුමකරු දමස්කස්හි එලියේසර් වන මොහු ය.
එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.
ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.
ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින්, ඔව්හු බිය වී, “අප මෙහි ගෙනාවේ පළමු වර අප ගෝණිවල ආපසු දමා තිබූ මුදල් නිසා ය, ඔහු අපට අඩන්තේට්ටම් කොට පහර දී, අප වහලුන් කොට, අපේ කොටළුවන් ද ගන්නට යන්නේ ය”යි කී හ.
ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න.
“සවස් වූ කල මිදි වත්ත හිමියා සිය කළමනාකාරයාට කතා කොට, ‘කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්නැ’යි කී ය.
ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ.