අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.
උත්පත්ති 42:16 - Sinhala New Revised Version 2018 නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය. Sinhala New Revised Version නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය. Sinhala Revised Old Version නුඹලා තුළ සැබෑකම තිබේද කියා නුඹලාගේ වචනවලින් පරීක්ෂාකරනු ලබන පිණිස අනික් අය හිරඅඩස්සියේ සිටියදී නුඹලාගේ සහෝදරයා ගෙනෙන්ට නුඹලාගෙන් එක්කෙනෙකු යවන්න. නැතහොත් ඵාරාවෝගේ ජීවිතය පා සැබවින්ම නුඹලා ඔත්තුකාරයෝයයි කියමියි කීය. |
අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ.
එහෙත්, අම්මොන්වරුන්ගේ අධිපතීහු තමන්ගේ ස්වාමීන් වන හානුන්ට කතා කොට, “දාවිත් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යයි ඔබ සිතන්නෙහි ද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ, නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නොවේ දැ”යි කී හ.
නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.