Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 42:15 - Sinhala New Revised Version 2018

15 නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 42:15
19 හුවමාරු යොමු  

දාවිත් පිලිස්තිවරුන්ට විරුද්ධ ව පිටත් ව යන බව සාවුල් දැක, සේනාවේ අධිපතියා වන අබ්නේර්ට කතා කොට, “අබ්නේර්, මේ කොලු ගැටයා කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. අබ්නේර් පිළිතුරු දෙමින්, “රජතුමනි, ඔබේ නාමයෙන් දිවුරා කියමි. මම ඒ ගැන කිසිත් නොදනිමි”යි කී ය.


මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය “එසේ” නම් “එසේ ය” කියා ද, “නැත” නම් “නැත” කියා ද වේ වා.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා නුඹට කමා වන්නේ කෙසේ ද? නුඹේ දරුවෝ මා අත්හැර, බොරු දෙවිවරුන්ගේ නමින් දිවුළෝ ය. මා ඔවුන්ට කන්නට දී තෘප්තියට පැමිණෙවූ පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝ ය. ඔව්හු රංචු ගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුළු වුණෝ ය.


ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.


දාවිත් පිළිතුරු දෙමින්, “ඔබ මට ප්‍රේම කරන බව පියා හොඳාකාරයෙන් දන්නේ ය. ඒ නිසා ඔබේ සිත නොරිදවන පිණිස ඔහු මට කරන්න යන දෙය ඔබෙන් සඟවා ඇත. සැබැවින් ම මාත්, මරණයත් අතරේ ඇත්තේ එක මොහොතක් පමණ යයි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ඔබේ නාමයෙන් ද ඔබට දිවුරා කියමි”යි කීවේ ය.


ඈ ඒලී අමතා, “අනේ ස්වාමීනි, මට සමා වන්න. වරක් ඔබ ළඟ සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් සිටි ස්ත්‍රිය මා බව මම දිවුරා කියමි.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතු ය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.


එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.


තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.


“දේශාධිපතියා වූ තැනැත්තා අපට තදින් කතා කොට ඒ රටේ ඔත්තුකාරයන් ලෙස අප සැලකී ය.


එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.


නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය.


එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය.


ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.


ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි.


එහෙත් ඔබ ඔහු යවන්නේ නැත්නම්, අපි ද නොයන්නෙමු. ඒ මන්ද, ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් නුඹලා මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට කීවේ ය”යි පැවසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්