එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය.
උත්පත්ති 41:42 - Sinhala New Revised Version 2018 ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය. Sinhala New Revised Version ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය. Sinhala Revised Old Version ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා, |
එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය.
පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය.
එබැවින්, ඔව්හු අහංකාරකම ගෙල පළඳනාවක් මෙන් ද බලහත්කාරය වස්ත්‍රයක් මෙන් ද පැළඳ සිටින්නෝ ය.
ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
එබැවින් ජෙහෝයාකින්ට ඔහුගේ හිරඇඳුම් මාරුකරගෙන, ඔහුගේ ජීවිතාන්තය දක්වා, එවිල්-මෙරොදක් රජු සමඟ නිතර ම මේසයේ එකට කන්නට අවසර ලැබුණේ ය.
නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය.
එහෙත් පියා සිය මෙහෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න;
ජොනතන් තමාගේ සළුව ගලවා ඒ සමඟ ඔහුගේ කඩුවත්, දුන්නත්, ඉඟපටියත් ඇතුළු ව තමාගේ යුද්ධ ඇඳුම ද දාවිත්ට දුන්නේ ය.