මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි.
උත්පත්ති 40:22 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔහු රොටි සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය. Sinhala New Revised Version එහෙත්, ඔහු පූප සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය. Sinhala Revised Old Version එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය. |
මීට ස්වල්ප කලකට පසු මිසරයේ රජුගේ කුසලාන පිරිනමන්නා හා රොටි සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වන මිසරයේ රජතුමාට විරුද්ධ ව වැරදි කොට තිබිණි.
දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.
ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.
ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
සිහිනයක් දුටු දිවැසිවරයා එය තමාගේ ස්වප්නයක් බව කිව යුතු ය. මාගේ පණිවුඩයක් ලත් තැනැත්තා එය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කළ යුතු ය. පිදුරුත්, ධාන්‍යත් අතර ඇති සමානකම කුමක් ද?
අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක.