Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:19 - Sinhala New Revised Version 2018

19 දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:19
17 හුවමාරු යොමු  

එහෙත්, ඔහු රොටි සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය.


“ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක.


මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි.


ඉශ්රායෙල් කඳුවල නුඹ සහ නුඹේ සියලු හමුදා ද නුඹ සමඟ සිටින ජනයන් ද වැටෙනු ඇත. සියලු ආකාර ගොදුරුවලට ගිජු පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් නුඹ ගොදුරු පිණිස දෙන්නෙමි.


පියාට ගරහන, මහලු මව හෙළා දකින අයගේ දෑස දෙණියේ කපුටන් කනු ඇත, ගිජු ලිහිණියන්ට ගොදුරු වනු ඇත.


එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නො‍දී සිටියා ය.


ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.


අද දින සමිඳාණන් වහන්සේ තා මා අතට පාවා දෙන සේක; මම තට ගසා, තාගේ හිස කපා දමා, පිලිස්තිවරුන්ගේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ට ද පොළොවේ වන මෘගයන්ට ද දෙන්නෙමි. මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවි කෙනෙකුන් සිටින බව පොළොවේ සියල්ලන් ම දැනගනු ඇත.


ඔහු තවදුරටත් කතා කරමින්, “මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත්, වනයේ මෘගයන්ටත් දෙන්නෙමි”යි දාවිත්ට කීවේ ය.


ඉන්පසු ජෝෂුවා ඔවුන්ට පහර දී ඔවුන් මරා ගස් පහක එල්ලුවේ ය. ඔව්හු ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තැබුවෝ ය.


ඔව්හු ආයි රජු සවස දක්වා ගසක එල්ලා තැබුවෝ ය; ඉර බසින වේලාවේ ජෝෂුවාගේ අණ පිට ඔහුගේ මළකඳ ගසින් බා, නගරයට පිවිසෙන දොරකඩ ළඟ හෙළා, ඒ පිට මහ ගල් ගොඩක් ගැසුවෝ ය. එය අද දවස දක්වා තිබේ.


ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් රොටි සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය.


උඩින් ම තිබූ පෙට්ටියේ පාරාවෝ සඳහා පිසූ විවිධ ආහාර වර්ග තිබිණි. පක්ෂීහු අවුත් මාගේ හිස මත තිබූ පෙට්ටියෙන් ඒවා කෑ හ”යි කීවේ ය.


තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.


එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එහි තේරුම මෙය යි. පෙට්ටි තුන නම් දින තුනකි.


තවද, තුන් වන දින, පාරාවෝගේ ජන්මෝත්සවය වූයෙන්, ඔහු සියලු නිලධාරීන් සඳහා මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. ඔහු නිලධාරීන් ඉදිරියෙහි කුසලාන පිරිස්නමන්නන්ගේ ප්‍රධානියා හා රොටි සාදන්නන්ගේ ප්‍රධානියා සිරගෙයින් පිට කර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්