ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය.
උත්පත්ති 38:17 - Sinhala New Revised Version 2018 “පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය. Sinhala New Revised Version “පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය. Sinhala Revised Old Version රැළෙන් එළු පැටවෙකු නුඹට එවන්නෙමියි ඔහු කීය. ඈ නුඹ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය. |
ඔහු ද මඟ අසල සිටි ඈ වෙත ගොස්, “කරුණාකර, එන්න, ඔබ සමඟ සයනය කිරීමට මට ඉඩ හරින්නැ”යි කී ය. මන්ද, ඈ තම ලේලිය බව ඔහු නොදත් හෙයිනි. ඈ ද උත්තර දෙමින්, “මා සමඟ සේවනයෙහි යෙදෙනු පිණිස ඔබ මට කුමක් දෙන්නෙහි දැ”යි ඇසුවා ය.
එවිට ඔහු ද, “කුමන අත්තිකාරමක් ඔබට දෙන්න දැ”යි ඇසුවෙන්, ඈ ද, “ඔබගේ මුද්‍රාවත්, මාලයත්, අතේ තිබෙන සැරයටියත් ය”යි උත්තර දුන්නා ය. ඔහු ඒවා ඈට දුන් පසු, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ ද පිළිසිඳගත්තා ය.
ජුදා අදුල්ලම් නගරවාසී, තම මිතුරා අත, ස්ත්‍රියගෙන් අත්තිකාරම ආපසු ලබාගන්නා පිණිස එළු පැටියෙකු යැවී ය. එහෙත් ඔහුට ඈ සම්බ නො වූවා ය.
සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය.
ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.
ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේ දී සම්සොන් එළු පැටවෙකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේ ය. “මාගේ බිරිඳ වෙත ඇතුළු ගෙට මම යමි”යි ඔහු ඇගේ පියාට කීවේ ය. එහෙත්, ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී,