උත්පත්ති 36:20 - Sinhala New Revised Version 2018 ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, Sinhala New Revised Version ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, Sinhala Revised Old Version ඒ දේශයෙහි වාසයකළ හෝරියවූ සේයිර්ගේ පුත්‍රයෝ: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, |
ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා
දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.
සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.
සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.