ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, “ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය.
උත්පත්ති 33:19 - Sinhala New Revised Version 2018 තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය. Sinhala New Revised Version තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය. Sinhala Revised Old Version ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන |
ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, “ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය.
“ස්වාමීනි, මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල හාරසියයක් පමණ ය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක් ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නැ”යි කී ය.
එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.
උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක.
ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ.
තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.
ඒබෙද්ගේ පුත් ගයල් කතා කොට, “අප විසින් අබිමෙලෙක්ට සේවය කරනු ලැබීමට ඔහු කවරෙක් ද? ෂෙකෙම් වැසියෝ කවුරු ද? අබිමෙලෙක් ජෙරුබ්බාල්ගේ පුත්‍රයා නොවේ ද? ඔහුගේ අධිපතියා ශෙබුල් නොවේ ද? අප ඔහුට සේවය කරන්නේ කුමට ද? ඔබේ ගෝත්‍රය පිහිටෙවු, ඔබේ පියා වූ හාමොර්ට පක්ෂපාත ව සිටින්න. එසේ නම්, අප ඔහුට සේවය කළ යුත්තේ මන් ද?