Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 33:19 - Sinhala Revised Old Version

19 ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 තවද ඔහු ෂෙකෙම්ගේ පිය වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන්, සිය කඳවුර පිහිටෙවූ බිම් කැබැල්ල රිදී කාසි සියයක් ගෙවා මිලට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:19
10 හුවමාරු යොමු  

ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.


යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.


එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් යන නාමය ඊට තැබුවේය.


දේශයේ සෙනඟ අසාගන සිටියදී එප්‍රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය.


මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය.


එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්