දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය.
උත්පත්ති 32:2 - Sinhala New Revised Version 2018 ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය. Sinhala New Revised Version ඔහු ඔවුන් දුටු විට, “මේ දෙවියන් වහන්සේගේ සේනාව ය” කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබී ය. Sinhala Revised Old Version යාකොබ් ඔවුන් දුටු විට: මේ දෙවියන්වහන්සේගේ සේනාවය කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබීය. |
දාවිත් රජ මහනයිම් නගරයට පැමිණියේ ය. අබ්සලොම් ද ඔහු සමඟ සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ ද ජොර්දාන් ගඟෙන් එගොඩට ගියෝ ය.
නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ.
තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
“තවද, බහුරීම් නම් නගරයේ බෙන්‍ජමින්ගේ ගෝත්‍රයේ ගේරාගේ පුත් ෂිමෙයි ඔබ ළඟ සිටියි. මා මහනයිම් නම් ස්ථානයට ගිය දවසේ දී ඔහු මට ඉතා තදින් සාප කෙළේ ය. එහෙත්, ඔහු ජොර්දාන් ගඟ අසල මා හමු වූ විට, මම ද, ‘ඔබ කඩුවෙන් නොමරන්නෙමි’යි සමිඳාණන් වහන්සේගේ නමින් දිවුළෙමි.
එවිට එලිෂා යාච්ඤා කොට, “සමිඳාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස් පැහැදුව මැනවැ”යි කී ය. සමිඳාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේ ය.
එසේ දෙවියන් වහන්සේගේ සේනාව වැනි මහත් සේනාවක් වන තෙක් දාවිත්ට උපකාර කරන පිණිස මිනිස්සු දවසින් දවස ඔහු ළඟට පැමිණියහ.
මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමිතුමාණෝ වෙති.
ෂුලම්මිය කාන්තාව, හැරී එන්න, හැරී එන්න, අප ඔබ නරඹන පිණිස හැරී එන්න, හැරී එන්න. නරඹන්නන් අතර මා නටන විට ඔබ මා බලන්න කැමැති වන්නේ මන් ද?
ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද
ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය.