Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 රාජාවලිය 2:8 - Sinhala New Revised Version 2018

8 “තවද, බහුරීම් නම් නගරයේ බෙන්‍ජමින්ගේ ගෝත්‍රයේ ගේරාගේ පුත් ෂිමෙයි ඔබ ළඟ සිටියි. මා මහනයිම් නම් ස්ථානයට ගිය දවසේ දී ඔහු මට ඉතා තදින් සාප කෙළේ ය. එහෙත්, ඔහු ජොර්දාන් ගඟ අසල මා හමු වූ විට, මම ද, ‘ඔබ කඩුවෙන් නොමරන්නෙමි’යි සමිඳාණන් වහන්සේගේ නමින් දිවුළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

Sinhala Revised Old Version

8 තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නුඹ ළඟ සිටියි. මා මහනායිම්ට ගිය දවසේදී ඔහු තදබල ලෙස මට දෙස් කීවේය. එහෙත් ඔහු යොර්දාන් ළඟදී මාගේ පෙරමගට ආවේය, මමද–නුඹ කඩුවෙන් නොමරන්නෙමියි ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

1 රාජාවලිය 2:8
6 හුවමාරු යොමු  

සාවුල්ගේ පුත් මෙපිබොෂෙත් දාවිත්ගේ පෙරමඟට ආවේ ය. ඔහු රජු ගිය දා සිට සාමදානයෙන් ආපසු පැමිණි දවස දක්වා තමාගේ පාද සේදුවේ වත්, රැවුල සකස් කරගත්තේ වත්, ඇඳුම් සේදුවේ වත් නැත.

මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.

සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්