ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 31:49 - Sinhala New Revised Version 2018

තවදුරටත් ඔහු කතා කරමින්, “අප දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවදුරටත් ඔහු කතා කරමින්, “අප දදෙනො එකිනෙකාගෙන් වෙන් වූ කල සමිඳාණන් වහන්සේ ඔබත් මාත් දෙස සුපරීක්ෂාවෙන් බලා සිටින සේක් වා!”යි කීවේ ය. එබැවින් ඒ ගල් ගොඩට මිස්පා යන නාමය දෙන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද එයට මිශ්පායයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේ බලාඉන්නසේක්වා.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 31:49
7 හුවමාරු යොමු  

එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්‍ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය.


“පූජකයෙනි, මෙයට සවන් දෙන්න. ඉශ්රායෙල් වැසියෙනි, කන් දෙන්න. රජ පවුලට අයිති ඔබ හැම දෙනා ද සවන් දෙන්න. ඔබ පිට විනිශ්චය පැමිණෙනු ඇත; මන්ද, ඔබ මිශ්පාහි මලපතක් ද තාබොර් මත අතුරන ලද දැලක් ද වී ඇත;


එකල අම්මොන් ජනයා රැස් ව ගිලියද්හි කඳවුරු බැඳගත්තෝ ය. ඉශ්රායෙල් ජනයා රැස් වී මිශ්පාහි කඳවුරු බැඳගත්තෝ ය.


එවිට ජෙප්තා ගිලියද්හි ප්‍රජා මූලිකයන් සමඟ නික්ම ගියේ ය. සෙනඟ ඔහු තමන්ගේ ප්‍රධානියා ද අධිපතියා ද කරගත්හ. ජෙප්තා මිශ්පාහි දී ඔහුගේ සියලු කොන්දේසි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේ ය.


ඔබත් මාත් අතර කළ ගිවිසුම පිළිබඳ ව නම් එය සදහට ම පවතින බවට සමිඳාණන් වහන්සේ වග බලාගන්න සේක.”